ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් පළමු වරට අග්‍රාමාත්‍ය ක්‍රිඩා අරමුදලක්
මෙරට ක්‍රිඩාවේ අභිවෘද්ධිය අරමුණු කරගනිමින් ප්‍රථම වතාවට අග්‍රාමාත්‍ය ක්‍රිඩා අරමුදලක් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි ඊයේ පස්වරුවේ සිදුකෙරිණ. රටේ ක්‍රිඩාව නැංවීම සඳහා රාජ්‍ය මට්ටමින් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය. නගරයට සීමා නොවී ග්‍රාමිය මට්ටමින් ක්‍රිඩාව දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. රටේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ජාත්‍යන්තර තලයට ගෙනඒම ක්‍රිඩා අරමුදලේ අරමුණ බව වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.