කලමැටිය මාදැල් ධිවරයින්ට ලක්ෂ 50 බැගින් වන්දි
කලමැටිය ධිවර වරායේ මාදැල් කර්මාන්තයේ නියැලුනු ධිවරයන්ට වන්දි ප්රදානය කෙරේ. එක් පවුලක් වෙනුවෙන් ලක්ෂ 50 ක මුදලක් පිරිනැමේ. කලමැටිය ධිවර වරායක් ලෙස සංවර්ධනය කිරිම නිසා මාදැල් කර්මාන්තයේ නියැලුනු පිරිසට ජිවනෝපාය මාර්ග අහිමිවිය. ඔවුන්ගේ ජිවන වෘත්තිය ඉහළ නැංවිමේ අරමුණින් වන්දි ප්රදානය කල බව ඇමති ඩග්ලස් දේවානන්දා මහතා කියයි. ප්‍රතිලාභි ධිවර පවුල් සංඛ්‍යාව 28 කි. ධිවර අමාත්‍යංශය මෙතෙක් ඉතිහාසයේ ගෙවු ඉහළම වන්දි ප්රදානය මෙයයි.