ශ්‍රි ලංකා ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වි අදට වසර 54 ක් සපිරෙයි

Share Button

දෙපාර්තමේන්තුවක් ලෙස පැවති ගුවන් විදුලි සේවය සංස්ථාවක් ලෙස නිල වශයෙන් ස්ථාපිත කර අදට වසර 54 ක් සපිරේ. දෙපාර්තමේන්තුවක් ලෙස කටයුතු කිරීමේදී ඇතිවු දුෂ්කරතා හා ගුණාත්මක ගුවන් විදුලි සේවයක අවශ්‍යතාව මත 1967 ජනවාරි 05 වැනිදා ලංකා ගුවන් විදුලි සංස්ථාව ස්ථාපිත කෙරිණ. එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා ලංකා ගුවන් විදුලි සංස්ථාව නිල වශයෙන් විවෘත කළේය.

නෙවිල් ඩී ජයවීර මහතා සංස්ථාවේ පලමු සභාපතිවරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නම් කෙරිණ. මෙරට ගුවන් විදුලි සේවා එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වු හියු ක්ලීෆර්ඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් 1925 දෙසැම්බර් 16 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරිණ. 1949 සැප්තැම්බර් 30 වැනිදා දක්වා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන ගිය ගුවන් විදුලිය 1949 ඔක්තෝබර් පලමුවැනිදා රේඩියෝ සිලෝන් නමින් රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කෙරින.

ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 54 වැනි සංවත්සරය නිමිත්තෙන් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදි අද සර්ව රාත්‍රික පිරිත් දේශනයකි. සිංහල ස්වදේශිය සේවය ඔස්සේ සජිවිව එය විසුරුවා හැරේ. ගුවන් විදුලියේ 95 වන සංවත්සරය හා සංස්ථාවක් බවට පත්වි වසර 54 ක් පිරිම නිමිත්තෙන් 95 නමක් විෂයෙහි සාංඝික දක්ෂිණාවක් පිරිනැමිමට ද විධිවිධාන යොදා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *