ශ්‍රි ලංකාව කොවිඩ් නයින්ටීන් එන්නත් මාත්‍රා ලබාගැනිමට සුදුසුකම් සපුරයි

Share Button

කොවැක්ස් පහසුකම මගින් කොවිඩ් නයින්ටීන් එන්නත් මාත්‍රා ලබාගැනිම පිණිස වන නිල සංවර්ධන සහාය සදහා ශ්‍රි ලංකාව සුදුසුකම් සපුරා තිබේ. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයද ඇතුළත් එන්නත් සහ ප්‍රතිශක්තිකරණය සදහා වන සන්ධානය තහවුරු කර තිබෙ. කොවිඩ් නයින්ටින් වෛරසය සදහා සුරක්ෂිත සහ ඵලදායි එන්නත් නිෂ්පාදනය කළ පසු එම එන්නත සමාන වශයෙන් රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරිම සදහා වන ගෝලීය ප්‍රවේශය නොවැක්ස් පහසුකම ලෙස හැදින්වේ අදාල එන්නත් පහසුකම ලබාගැනිම සදහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස අදාල රටවලට දැනුම් දි තිබිණි. ඉලක්කගත කණ්ඩායම් සහ එන්නත් ගබඩා කිරිමේ ධාරිතාව පිළිබඳ තාක්ෂණික තොරතුරු ඇතුළත් අයදුම්පතේ පළමු සහ ඒ කොටස නිසි වේලාවට ශ්‍රි ලංකාව ඉදිරිපත් කර තිබෙ. එහි දෙවන කොටස වන එන්නත් ලබාගැනිම සදහා ඊට අදාල වන්දි පුර්ණ ගිවිසුමට එළඹිම සදහා ලබන 08 වැනිදාට පෙර අයදුම්පත් යොමු කළ යුතුය. ඒ අනුව නිතිපතිවරයා ලබා දී ඇති උපදෙස් පරිදි නොවැක්ස් සදහා වන එන්නත් අයදුම් කිරිමේ බී කොටස ඉදිරිපත් කිරිමටත් නොවැක්ස් පහසුකම මගින් එන්නත් වෙන් කර දෙනු ලබන අවස්ථාවේදි අදාල නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළඹිමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබෙ. මෙය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *