බෞද්ධ දහම් පාසල් ලබන 17 වැනිදා සිට යලි ආරම්භ කෙරේ
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දැමුනු බෞද්ධ දහම් පාසල් ලබන 17 වැනි ඉරිදා සිට යලි ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා නිවේදනය කරයි. එහෙත් දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල දහම් පාසල් එදින ආරම්භ නොවේ. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසුවේ දහම් පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන උපදෙස් සියලු විහාරස්ථානවලට සපයා ඇති බවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව දහම් පාසල් පැවැත්වීම අත්‍යවශ්‍ය වෙයි.