දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිඩා සංකීර්ණයේ පිහිටි පරිසර හිතකාමී කෘෂි තාක්‍ෂණික උද්‍යානය වැඩිදියුණු කිරීමට සැලසුම්

Share Button

හෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිඩා සංකීර්ණයේ පිහිටි පරිසර හිතකාමී කෘෂි තාක්‍ෂණීක උද්‍යානය තම නිරීක්‍ෂණයට ලක් වු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

මුලුමනින්ම කාබනික පොහොර භාවිතයෙන් මෙහි වගා කටයුතු සිදුකර ඇති අතර දේශීය අලවර්ග ධාන්‍ය වර්ග සහ එලවඵ හා පලතුරුද එහි වගාකර තිබේ. 2011 වසරේ ආරම්භ කළ මෙම උද්‍යානය මේ වනවිට පවත්වාගෙන යාමේ ගැටඵ උද්ගතවී ඇතැයි හෙතෙම සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් පවතින ගැටඵ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සහ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර නිරාකරණය කිරීමට අමාත්‍යවරයා එකගත්වය පල කර ඇත. එම උද්‍යානය ආරක්‍ෂා කරමින් වැඩිදියුණු කිරීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *