බන්ධනාගාරවල සිටි සිරකරුවන් 27 දහසකට අධීක සංඛ්‍යාව 17 දහස දක්වා අඩුකර ගැනීමට හැකි වු බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි

Share Button

බන්ධනාගාරවල සිටි සිරකරුවන් 27 000 අධික සංඛ්‍යාව මේ වන විට 17 000 දක්වා අඩුකර ගැනීමට හැකිවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයාට ස්තූතිවන්ත වන බව ඔහු පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. බන්ධනාගාරවල සුබසාධනය සම්බන්ධයෙන් පියවර රැසක් ගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.

බන්ධනාගාර  මිනිසුන් පුරුත්ථාපනය කරන ස්ථාන බවට පත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ මහතා පැවසිීය. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බව බන්ධනාගාර ඇමතිවරයා ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බව ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ පාර්මේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ නීතිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බවයි. නීතියේ සාධාරණත්වය පිළිබඳ ජනතාවට විශ්වාසයක් පැවතීමෙන් ජනතාව නීතිය විශ්වාස කිරීමට පෙළඹෙන බව ඇය සඳහන් කළාය.
යහපාලන රජය සමයේ දිළිඳු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට කිසිවක් සිදුනොවූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසිය. නමුත් වත්මන් රජය එම කටයුතු ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *