සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ප්‍රසංග වේදිකා සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලීමක්

Share Button

සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදිමින් හා සීමිත ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රසංග වේදිකා සංදර්ශන නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ලේකම් රොහාන් ද සිල්වා මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.පාස්කු ප්‍රහාරයත් සමග ඇණහිටි ප්‍රසංග වේදිකා සංදර්ශන කොරෝනා වසංගතය හේතුවෙන් වඩාත් බලපෑමට ලක්වූ බව ඔහු පෙන්වා දෙයි.මෙම තත්ත්වය හමුවේ කලාකරුවන් සඳහා අඩු පොළියකට බැංකු මගින් ණය ලබාදුන් නමුත් මේ වන විට එම ණය වාරික ගෙවීමට පවා අපහසු විී ඇතැයි රොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *