දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව පාසල්වලට කැදවීමට දැඩි වගකීමෙන් ක්‍රියා කළයුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අවධාරණය කරයි
දරුවන් සෞඛ්‍යාරක්ෂිතව පාසල්වලට කැඳවීමට සියලු පාර්ශ්ව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සෞඛ්‍ය බලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් සියලු පාසල්වල 2 ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ලබන සඳුදා ආරම්භ කෙරේ. ඊට අමතරව හුදෙකලා කළ ප්‍රදේශවල හැර බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල පාසල්වල 11 වැනි ශ්‍රේණි ලබන 25 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇ
අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන්නේ බස්නාහිර පළාතේ හා හුදෙකලා කළ ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් පසුගිය වසරේ 3 වැනි වාරය සඳහා විවෘත කළ අවස්ථාවේ ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියයට 98 ක ප්‍රතිශතයක් සේවයට වාර්තා කළ බව හා සිසුන්ගේ පැමිණීම ද ක්රමික වර්ධනයක් පෙන්නුම් කළ බවයි
එබැවින් නව පාසල් වාරය ආරම්භයේ දී සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයෙන් යුතුව දරුවන් පාසල් වෙත එවීමට දෙමව්පියන් කටයුතු කරනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය.ත.