”තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය’ සඳහා මධ්‍යම පළාතෙන් ව්‍යවසායකයින් 189 දෙනෙක්

Share Button

යොවුන් ව්‍යවසායකයින් නගාසිටුවීම අරමුණු කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන ”තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමයට ” ඉල්ලූම් කිරීම සදහා සුදුසුකම් සහිත තරුණ ව්‍යවසායකයින් 189ක් පමණ දැනට මධ්‍යම පළාත තුළින් හඳුනාගෙන ඇත.

මෙම ණය යෝජනා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය 03 වැනිදා මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ ප‍්‍රගති සමාලෝචන කමිටුවේදී මෙම තොරතුරු අනාවරණය විය.

මේ වන විටත් මධ්‍යම පළාත  තුළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙකු සදහා මෙම ණය ලබා දී ඇති බවත් තවත් 51 දෙනෙකු ව්‍යාපාරික සැලසුම් සකස්කර ලංකා බැංකු වෙත බාර දී ඇති බවත් ණය ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳවව සාකච්ඡාවේ දී තව දුරටත් පැහැදිලි වී ඇත.

මෙම ප‍්‍රගති සමාලෝචන කමිටුව සදහා මහනුවර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුළුව ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමනාකරණ ඒකකය, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ලංකා බැංකුව සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යන ආයතනයන්හි නිලධාරීන් සහ මධ්‍යම පළාතේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජිතවරු සහභාගී වූහ.

තුරුණුදිරිය ලංකාබැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තිය සහතිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යවසායකයින් සදහා ඇප නොමැතිව,ලිහිල් ඇප ක‍්‍රමයක් යටතේ මෙම ණය ප‍්‍රදානය කිරීම සිදුකරයි.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *