දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට අවශ්‍ය ග්‍රන්ථ සංයුක්ත තැටි මගින් පරිහරණය කිරීමේ අවස්ථාව

Share Button

බුද්ධිමය දේපළ සංශෝධන පනත් කෙටුම්පත වරාය හා ගුවන් තොටුපල සංශෝධන බදු පනත යටතේ නියෝග හතරක් නිෂ්පාදන බදු විශේෂ බදු විධිවිධාන පනත යටතේ නියමයන් දෙකක් මුදල් පනත යටතේ නියමයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් තුනක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. එය ඉදිරිපත් කරමින් කථා කළ බන්දුල ගුණවර්ධන මහතා බුද්ධිමය දේපළ පනත යටතේ ඇති ප්‍රකාශන අයිතියට හානියක් නොවන ලෙස දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට අවශ්‍ය ග්‍රන්ථ සංයුක්ත තැටියකට ගෙන ඒවා පරිහරණය කිරීමේ අවස්ථාව හිමිවන බව පැවසීය. මෙමගින් මෙරට සිටින දෘශ්‍යාබාධිත තැනැත්තන් මිලියන 1 යි දශම 2 කට පමණ සෙත සැලසේ.

අමාත්‍ය ප්‍රසන්න රණතංුග මහතා විවාදයට එක්වෙමින් ශ්‍රී ලංකාව ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැංවීම සදහා අග්‍රාමාත්‍යවරයා ආරම්භ කළ වැඩපිළිවෙල සෞභාග්‍යයේ දැක්ම තුළින් තවදුරටත් ඉදිරියට ගෙන යන බව කීවේය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කථා කරමින් රටේ ආර්ථික වර්ධන වේගය නැවතත් ධනාත්මක තත්ත්වයට පත්වී ඇතැයි කීවේය. පසුගිය වසරේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා වැඩිකර ගැනීමට හැකි විය. විදේශ සෘජු ආයෝජන වැඩිකර ගනිමින් ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට ක්‍රියා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *