ගොවි ධිවර ඇතුඵ ක්‍ෂේත්‍රවල නිරත ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මෙවර අයවැයෙන් ප්‍රමුඛතාව දී ඇතැයි අග්‍රාමාත්‍යවරයා පවසයි

Share Button

මෙවර අයවැය ගොවි ධිවර සහ කර්මාන්තවල නිරත ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ එකක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය. එබැවින් ඒ සදහා විදේශිය විශේෂඥයන්ගේ සහාය අවශ්‍ය නොවේ. ග්‍රාමීය ජනතාව වෙනුවෙන් මහ පොළොව මත එය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරින්ගේ වගකිම බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. කොරෝනා වසංගතය සමග වෙනස්වු ජීවන රටාව සාර්ථක කර ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික දෙයාංශය කළ කැපකිරීම අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

පාසල් අධ්‍යාපනයේ සිට සේවා අවශ්‍යතා ඉටුකර ගැනීම ඇතුඵ ක්‍ෂේත්‍ර ගණනාවක තාක්ෂණ භාවිතයේ නව හුරුවක් කොරෝනා වසංගතය සමග ඇති විය. මෙරට නිලධාරින් අලුත් දේවල් සමග වැඩ කිරීමේ හැකියාව ඉන් පෙන්නුම් කෙරින. මේ අනුව නුතන තාක්ෂණය ඉතා කඩිනමින් රාජ්‍ය ආයතන සමග අනුගත කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *