ඇසළ පෙරහැර අගෝස්තු 16 සිට වීථි සංචාරය කරයි
2018 වසරේ මහනුවර ඇසළ පෙරහැර අගෝස්තු 16 වැනි දින කුඹල් පෙරහැරත් සමඟ ආරම්භ කෙරෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසයි.
ඒ අනුව අගෝස්තු 16 වැනි දින ප.ව. 6.16 යෙදෙන සුභ මොහොතින් ශ්රී ධන්ත ධාතු මන්දිරිය ඉදිරිපිටින් ආරම්භ කෙරෙන පෙරහැර දළදා වීදිය, ඩී එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහලට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ පැමිණ ගෙවැදීමට නියමිතය.
අගෝස්තු 16 වැනි දිනෙන් ආරම්භ වන කූඔල් පෙරහැර අගෝස්තු 20 වැනි දින දක්වා පැවැත්වේ.