බණ්ඩාරනායක මැතිතුමාගේ 122 වැනි ජන්ම දින සමරුම
දිවංගත අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 122 වැනි ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ.
1926 දී කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළේය. ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස 1931 දී හා 1936 දී නිතරගයෙන් තේරී පත්වීමට බණ්ඩාරනායක මහතා සමත් විය. එහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන ඇමති ධුරය ඔහු දැරීය. සෝල්බරි ආණ්ඩුක්රමය යටතේ 1947 පැවති මැතිවරණයෙන් අත්තනගල්ල ආසනය ජය ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සෞඛ්‍ය හා පළාත් පාලන ඇමති ධුරයට ඔහු පත් විය. 1951 ජුලි 12 වැනිදා ඇමති ධුරයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ද ඉල්ලා අස්වු බණ්ඩාරනායක මහතා 1951 සැප්තැම්බර් 2 වැනිදා ශ්රීි ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළේය. 1956 මැතිවරණය ජය ගනිමින් මෙරට සිව් වන අගමැතිවරයා ලෙස ඔහු පත් විය.
බණ්ඩාරනායක මැතිතුමාගේ 122 වැනි ජන්ම දින සමරු උත්සවය කොළඹ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස දී අද පෙරවරු 8.00 ට ඇරඹෙයි. ශ්රීි ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන හා මහලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ වෙති.