මහනුවර සිදුවීමේ දේපළ හානි සඳහා වන්දී ලබා දීම කඩිනම් කිරීමට පියවර

Share Button

මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ කලබලකාරී සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලබාදීමට රජය රුපියල් මිලියන 205ක තක්සේරුවක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අද ( 08)  පාර්ලිමේන්තුවේ දීය.

සිදුවීමෙන් හානියට පත් දේපළ සඳහා වන්දි ලෙස පසුගිය දා රුපියල් මිලියන 18ක මුදලක් ලබාදීමට ක්‍රියා කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා , තක්සේරු කිරීමේ යම් ප්‍රමාදයක් පවතින බවත් එම කටයුතු අවසන් වූ වහාම වන්දි මුදල් ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් මේ වනවිට මුදල් වෙන් කර තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *