2022 වසර වනවිට ශ්‍රී ලංකාව කහ වලින් ස්වයං පෝෂිත කිරීමේ වැඩපිලිවෙලක්

Share Button

කුඩා වැවිලි බෝග වගාව සංවර්ධනය සදහා සැලසුම් සහගතව පුඵල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කුඩා වැවිලි බෝග වගා සංවර්ධන අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ රන්සිරි වටවල මහතා පවසයි. කහ, කුරුඳු, අබ, උක් ඇතුඵ තෝරාගත් ක්‍ෂේත්‍ර ඉලක්ක කර මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.

ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද එක්වෙමින් ඔහු සදහන් කළේ 2022 වසර වනවිට ශ්‍රී ලංකාව කහ වලින් ස්වයං පෝෂිත කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි. ගොවීන්ට කහ සදහා අවශ්‍ය බීජ ලබාදීම් වැඩසටහනක්ද ක්‍රියාවට නැංවේ. ඒ සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන බව රන්සිරි වටවල මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *