චීනයේ සිනෝෆාම් කොරෝනා එන්නත් මිලියනයක් මේ මාසයේදී පේරූ රාජ්‍යයට

Share Button

චීනයේ සිනෝෆාම් සමුහය සමග එලඹි ගිවිසුමකට අනුව කොරෝනා එන්නත් මිලියනයක් සහිත පලමු තොගය මේ මාසයේදී පේරූ රාජ්‍යයට ලගාවනු ඇතැයි එහි ජනාධිපති ෆ්‍රුන්සිස්කෝ සගස්ති මහතා පවසයි.

චීනයේ සිනෝෆාම් සමුහය පේරූ හි සිදුකළ තුන්වැනි අදියරේ සායනික අත්හදා බැලීම් මගින් එම එන්නත ඵලදායි බවට තහවුරුවී තිබේ. කොරෝනා වසංගතය පැතිරයාමත් සමග පේරූ රාජ්‍යයට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ පලමු රට චීනයයි.

චීනය එරටට වෛද්‍ය කණ්ඩායමක් ද පිටත්කර යවා තිබේ. මේ අතර නව කොරෝනා එන්නත් පිළිබඳව පර්යේෂණ හා නිෂ්පාදන ක්‍රියාවලිය සම්පුර්ණ කර ඒවා ගෝලීය පොදු නිෂ්පාදනයක් ලෙස එලිදක්වන බවට චීනය ප්‍රකාශ කර ඇත.

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබාගත හැකිවීම හා දැරිය හැකි මිලකට ලබාදීම සදහා දායකත්වය දීමට චීනය පොරොන්දුවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *