එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා මෙරට යුගයක් වෙනස් කර නව යුගයක් බිහිකළ ශ්‍රේෂ්ඨ නායකයෙකු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියයි

Share Button

දිවංගත අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා මෙරට යුගයක් වෙනස් කර නව යුගයක් බිහිකළ ශ්‍රේෂ්ඨ නායකයෙකු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

එතුමා ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙකි. සාමාන්‍ය පොදු ජනාතාව ඉදිරියට ගෙනයාමට ඔහු ප්‍රගතිශිලි දේශපාලන දර්ශනයක් හදුන්වාදුන් බව මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කලේ අදට යෙදී ඇති දිවංගත අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 122 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් කොළඹ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියස අද පැවති උත්සවයට එක්වෙමිනි.

පුජ්‍ය මැදගමුවේ විජය මෛත්‍රි ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනාව කළහ. බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුඵ පිරිසක් එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *