දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයාට කොවිඩ් ආසාදනයවීමෙන් පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවක් නැතැයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් ආසාදනයවීම තුළින් පාර්ලිමේන්තු කටයුතුවලට බාධාවක් එල්ලවී නැතැයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසයි.
ජාතික ගුවන් විදුලිය කළ විමසිමකදී එම ඒකකය සදහන් කළේ ඉකුත් පාර්ලිමේන්තු කටයුතුවලට දයාසිරි ජයසේකර මහතා සහභාගිවී නොමැති බවයි.
එබැවින් පාර්ලිමේන්තුව තුළ ඔහුගේ සෘජු ආශ්‍රිතයන් නොමැති බව එම ඒකකය පෙන්වා දෙයි. පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.