ගීත කලාව පෝෂණය කිරිමට ජාතික ගුවන්විදුලිය ඉටු කරන මෙහෙවර ඉදිරියට ගෙනයන බව අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි
සන්නිවේදන ආයතනයක් ලෙස අපගේ වගකිම සමාජයේ අනෙකා පිළිබඳ කරුණාව, මානව දයාව ඇති කරවන ආකාරයේ කතිකාවක් ගොඩනැගිම බව ශ්රිලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්රපාල ලියනගේ මහතා පවසයි. ආයතන මට්ටමින් තරගයක් පැවතියද සියලු නාලිකාවල උත්සාහය යහපත් දෙයක් සමාජගත කිරිම බව එෆ්.එම් දෙරන ගුවන්විදුලි නාලිකාව සමග අද පෙරවරුවේ පැවති සජීවි සාකච්ඡාවකට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.
මේ වනවිට රට ස්වදේශිය ආර්ථිකයක් කරා යොමුවෙමින් පවති. කොවිඩ් සමයේදී මෙරට සියලු නාලිකා එක්ව ස්වදේශිකත්වය ගොඩනැගිමට ගත් උත්සාහය ඒ මහතාගේ ඇගයිමට ලක්විය.ජාතික වගකීම තේරුම් ගෙන ජාතික ගුවන්විදුලියට කටයුතු කරයි.
අනෙකුත් නාලිකා සමග තරග කිරිමක් නොමැති බව අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය. ගුවන්විදුලියට මහජන වගකීමක් පැවරී තිබෙ. එම වගකීම ඉටු කිරිමට සියලු දෙනා එක්ව ක්රියා කරන බව හෙතෙම පැවසිය. මෙරට ගීත කලාව පෝෂණය කිරිමට ජාතික ගුවන්විදුලිය ඉටු කරන මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට පියවර ගැනේ. නව ගීත නිර්මාණ ජාතියට දායාද කිරිමට නවක ගීත රචකයන්ට අවස්ථාව ලබාදෙන බව චන්ද්රපාල ලියනගේ මහතා පැවසිය. ඒ සදහා සියලු ශ්රි ලාංකිකයින්ට ඔහු විවෘත ආරාධනයක් ද කළේය.