ගම සමග පිළිසදරක් වැඩසටහනේ තවත් අදියරක් ජනපති ප්‍රධානත්වයෙන් අම්පාර උහන ලාටුගල ගම්මානයේදි දැන්

Share Button

ජනාධිපති ගෝිඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගි වන ගම සමග පිළිසදරක් වැඩසටහනේ තවත් අදියරක් අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ලාටුගල ගම්මානයේදි දැන් පැවැත්වේ ජනාධීපතිතුමා මේ වනවිට එම ගම්මානය වෙත පැමිණ වැඩසටහනට එක්ව සිටින බව ජාතික ගුවන් විදුලියේ විශේෂ නියෝජිත තරුණ සේවා සභාවේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ ආලිදීන් අමීර් මහතා පවසයි.
ලාටුගල ගම්මානයේ ජිවත් වන පවුල් සංඛ්‍යාව 232 කි. 800 කට ආසන්න පිරිසක් එහි ජීවත් වෙති. තාවකාලික නිවාස 70 ක් සහ අර්ධ නිවාස 13 ක් පවතින බව අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා සදහන් කරයි.
ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන ගම්මාන ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල දුෂ්කර ගම්මානයක් වන කුමාරතැන්න ග්‍රාමයේදී ඇරඹුනි. එහි පැවති අඩුපාඩු රැසකටම විසදුම් ලබාදීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේය. දෙවන වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව හිඹිලියාකඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පැවැත්වුනි. එහිදී ඉඩම් ඔප්පු ගැටඵ විසදීමටත්, කිරි ගොවින් මුහුණදෙන ගැටඵ විසදීමටත් ක්‍රියා කළේය. මෙම වැඩසහනේ තුන්වැන්න බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාමයේදී පැවැත්වුනි. එම ප්‍රදේශයේ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන අයට මෙහිදී පහසුකම් රැසක් ලැබුනි.එහි සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවධානය යොමුවිය. මංමාවත්, පාසල්, රෝහල් සංවර්ධන කටයුතු ද ආරම්භ කෙරුනි. හතරවන වැඩසටහන පැවැත්වුයේ කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදීය. එහිදී පැරණි ගම්මාන පැවති ප්‍රදේශවල ජනතාවට වගා කිරීමට ඉඩම් ලබාදීමට පියවර ගැනුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *