කොවිඩ් එන්නත් මිලදී ගැනීමට රජය රුසියාව චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා කරයි
මෙරටට කොවිඩ් නයින්ටීන් එන්නත් මිලදී ගැනීම සදහා චීනය. රුසියාව සහ ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව රජය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන මගින් එන්නත් ලබා ගැනීම අපේක්ෂාවයි. ආසියානු සංවර්ධන බැංකුව එන්නත් මිලදී ගැනීමට ඩොලර් මිලියන පහක් මෙරටට සැපයීමට එකගතාව පළකර තිබේ. කොවැක්ස් පහසුකම් යටතේ ෆයිසර් එන්නත ලබා ගැනිම සම්බන්ධයෙන්ද සොයා බැලේ. . මෙම පහසුකම ලබා දෙන්නේ එන්නත් සදහා පමණි. ඖෂධ ගබඩා කිරීමට සිසිල් ගබඩා පද්ධතියක් අවශ්‍ය වෙයි. ඒ සදහා ඩොලර් තුන්ලක්ෂ 70 දහසක පරිත්‍යාගයක් සිදුකිරීමට එන්නත් සහ ප්‍රතිශක්තිකරණ ගෝලීය සන්ධානය එකගවී ඇත. එන්නත් කිරීම පිළිබඳව සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරිමේ පුහුණු සැසිද පැවැත්වේ. මෙම එන්නත් වැඩපිළිවෙල ලබන 12 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වෙත භාරදීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාවයි.