පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කරයි. 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා එල්ල වු මෙම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයෝ 268 දෙනෙක් මිය ගියහ. ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම තිදෙනා අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් වන බවයි. මෙම ප්‍රහාරයේ වගකීම අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය බාර ගෙන තිබේ.. ත්‍රස්ත සංවිධානය පවසන්නේ සිරියාව තුළ බටහිර රටවල ක්‍රියාකාරම් වලට එරෙහිව පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රහාර මාලාව සිදු කළ බවයි. මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් ඇමරිකානු ජාතිකයෝ පස් දෙනෙක් ද මිය ගියහ. ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තිදෙනකුගේ නම් ප්‍රකාශයට පත් කර ඇත. මොහොමඩ් නවුෆර්. මොහොමඩ් අන්වර් මොහොමඩ් රික්ෂාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තිදෙනො ඊට වගකිව යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම තිදෙනා මේ වන විට මෙරට අත්අඩංගුවේ පසුවෙති. ඔවුන් සම්බන්ධයෙන් මෙරට සිදුකෙරෙන අධිකරණ ක්‍රියාවලියට අවශ්‍ය සහාය දෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.