ගිරිඋල්ල සහ පුජාපිටිය පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Share Button

ගිරිඋල්ල පොලිස්වසමේ පන්නල, මුම්මාන සහ වෑත්තැව යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ මෙන්ම පුජාපිටිය පොලිස් වසමේ කොස්තොට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශ හුදෙකලා කර ඇති බවයි

බන්ධනාගාර ආශ්‍රීත තවත් කොවිඩ් ආසාදිතයෝ 22 දෙදෙනෙක් හදුනා ගැනෙති. බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසන්නේ එහි මුලු ආසාදිතයන්ෙග සංඛ්‍යාව 4250 දක්වා ඉහළ ගොස් ඇති බවයි. වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි. සංඛ්‍යාව 876 කි

අද උදෑසන වනවිට මෙරටින් අලුතින් හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 525 කි. කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ වැඩිම ආසාදිතයන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි. සංඛ්‍යාව 193 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 94 දෙනෙකු , වව්නියාව දිස්ත්‍රික්කයෙන් 56 දෙනෙකු වශයෙන් ආසාදිතයෝ වාර්තා වෙති.
අද උදෑසන වන විට මෙරට මුථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 47304 කි. ඉන් පුද්ගලයෝ 40316 දෙනෙක් පුර්ණ සුවය ලැබුහ. අද උදෑසන වනවිට තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා විය. ඒ හොරණ, රත්නපුරය සහ කොළඹ දහ හතරෙනි. ඒ අනුව මෙරටින් වාර්තා වු සම්පුර්ණ මරණ සංඛ්‍යාව 225 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *