ගම සමග පිළිබඳරක් ජනපති ජනතා හමුව අම්පාර ලාටුගලදී
කෘෂි ආර්ථිකය මත පදනම් වු සංවර්ධනයක් වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. ඒ සදහා ගම්මාන මට්ටමින් සැලසුම් ක්රියාත්මක කිරීම සිදුවෙයි. ගොවීන්ගේ පහසුකම් ඉහළ නංවමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට උපරිම පියවර ගන්නා බව එතුමා සදහන් කළේ ගම සමග පිළිසඳරක් වැඩසටහන අද අමතමිනි.
ගම සමග පිළිසදරක් , ජනපති – ජනතා විශේෂ හමුව අද පැවැත්වුණේ අම්පාර උහන, ලටුගල ගම්මානයේදීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහි ගොස් ජනතාවගේ ගැටථ හා අදහස් විමසීය.