ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා රන්ජන් මඩුගල්ල

Share Button

ගාල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගනයේ එළඹෙන 14 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කිරීමට නියමිතයි. හෙතෙම අයි සී සී තරග තීරක මඩුල්ලේ ප්‍රධානියාය. රන්ජන් මඩුගල්ල මහතා ටෙස්ට් තරග 193 කදී තරග තීරකවරයා ලෙස කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ටෙස්ට් තරගයක තීරකවරයා ලෙස ඔහු කටයුතු කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

*****

සංචාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර සිඩ්නි හි පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අද නිමාවන විට සිය දෙවන ඉනිම සදහා පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු දෙකක් දැවි ලකුණු 103 ක් ලබා සිටියේය. ඔස්ට්‍රේලියාව පලමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු 338 යි සිය පලමු ඉනිම සදහා ඉන්දිය කණ්ඩායම සියලුදෙනා දැවි ලකුණු 244 ක් රැස් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *