නව වසරේ පළමු පාසල් වාරය හෙට සිට

Share Button

බස්නාහිර පළාත හා දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර දිවයිනේ සියලු ප්‍රදේශවල පාසල් ප්‍රාථමික ශ්‍රේණිද ඇතුලුව හෙට යළි ආරම්භ කෙරේ. පාසල් ආරම්භ කිරිම අභියෝගාත්මක තීරණයක් බව පවසන අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව ඉතාමත් වගකීම් සහගතව එම තීරණය ගත් බව සදහන් කරයි.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පාසල් ආරම්භ කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. සිසුන් පාසලට පැමිණීමේ දී,පාසල තුළදී හා පාසලින් පිටව යද්දී මුව ආවරණ පැළදීම අනිවාර්යය වෙයි. ප්‍රාථමික අංශයේ දරුවන්ට අඛන්ඩව මුව ආවරණ පැළඳ සිටීම අපහසු නම් දුරස්ථ භාවය ආරක්ෂා වන අවස්ථාවල දී ඒවා ඉවත් කළ හැකිය. පාසලට ඇතුඵ වීමේ දී සියලු සිසුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර සිසුන් අතර දුරස්ථ භාවය පවත්වා ගැනීම ද නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට ඇතුලත්ය. සිසුන් එක්රැස් වීම වලක්වා ගැනීම සදහා පන්ති මට්ටමින් විවේක කාලය සකස් කළ යුතුය. සිසුන් තමන් නිවසේ සිට රැගෙන එන ආහාර හා ජලය මෙන්ම පාසල් උපකරණ ද හුවමාරු කර ගැනීමෙන් වැලකිය යුතුය. ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් සිදු කළ යුත්තේ දුරස්ථ භාවය රඳවා ගනිමිනි. දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නංවන ක්‍රියාකාරකම්වල අවශ්‍යතාව ද අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දී තිබෙ. උණ හා ස්වසන රෝග ලක්ෂණ ඇති දරුවන්, නිරෝධායනයට ලක් කර ඇති පවුල්වල දරුවන් , කොරෝනා වෛරසය පිළිබඳ පරීක්ෂණවලට ලක් කළ පවුල්වල දරුවන් සෞඛ්‍ය උපදෙස් ලැබෙන තුරු පාසල්වලට එවීමෙන් වලකින්නැයි අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *