අතුරුදන් වූ ඉන්දුනිසියානු ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි සැකයක්
මගීන් 62 දෙනෙකු සමග අතුරුදන් වූ ඉන්දුනිසියානු ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි සැක කෙරේ. ජාකර්තා ගුවන් තොටුපලෙන් ගුවන්ගත වී විනාඩි හතරක් වැනි කෙටි කාලයක් තුළ යානය රේඩාර් තිරයෙන් මැකි ගියේය. විනාඩියකටත් අඩු කාලයක් තුළ යානය මීටර් තුන්දහසක් පමණ පහතට පැමිණ ඇති බවට වාර්තා පවති. ධිවර කර්මාන්තයේ නියුතු පුද්ගලයෙකු පැවසුවේ ගුවන්යානය මුහුදට කඩා වැටිමෙන් අනතුරුව පුපුරා ගිය බවයි