ජනතාව එන්නත් කිරිම ලබන සෙනසුරාදා ආරම්භ කරන බව ඉන්දිය රජය නිවේදනය කරයි

Share Button

කොරෝනා වෛරසයට එරෙහිව ජනතාව එන්නත් කිරිම ලබන සෙනසුරාදා ආරම්භ කරන බව ඉන්දිය රජය නිවේදනය කරයි. එය ඵෙතිහාසික අවස්ථාවක් ලෙස හදුන්වන අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන ජුලි මාසය වනවිට කෝටි 30 ක ජනතාවක් එන්නත් කිරිමට අපේක්ෂා කරන බව සදහන් කරයි. ඉන්දියාවේ ජනගහනය කෝිටි 130 කි. පළමු අදියරේදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ඉදිරිපෙළ ක්‍රියාකාරීන් එන්නත් කෙරෙනු ඇත. ලෝකයේ කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් අතර ඉන්දියාව දෙවන ස්ථානයේ පසුවෙයි. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවයි. මරණ එක්ලක්ෂ පනස්දහසක් වාර්තා වී ති ෙබ්.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *