අත්හිටුවා තිබු සමථ මණ්ඩල කටයුතු අද යළිත්
කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයිනේ සමථ මණ්ඩල කටයුතු අද යළි ආරම්භ කළ බව අධිකරණ අමාත්‍යංශය පවසයි. සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරිම ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට තාවකාලිකව නතර කෙරිණ.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු පවත්වාගෙන යාමට සමථ මණ්ඩල කොමිෂන් සභාව පියවර ගෙන තිබෙි. ඒ සදහා සමථ නිලධාරින්ට හා සමථ මණ්ඩල සාමාජිකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.