තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි රාවුෆ් හකීම් මහතා ට්විටර් ඔස්සේ පවසයි

Share Button

තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් මහතා සිය ට්විටර් ගිණුම මගින් සදහන් කරයි. මේ නිසා තමන් නිරෝධායනයට යොමුවන බව පවසන ඔහු ඉකුත් දිනවල තමා සමග සමීපව සිටි අයට නිරෝධායන නීතිවලට අනුකුලව ක්‍රියාකරන්නැයි ඉල්ලීමක් කරයි. මීට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු විය.
ඊයේ දිනය තුළ පී. සී. ආර්. පරීක්‍ෂණ 17000වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. ඊයේ වාර්තා වු ආසාදිතයන් 535 දෙනාගෙන් 148 ක්ම හදුනා ගැනුණේ කොළඹ දිස්ත්‍රි්කකයෙනි. මහනුවරින් 111 දෙනෙකුද කෑගල්ලෙන් 64 දෙනෙකුද හමුවිය. අනෙක් 212 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් හමුවී තිබේ. මේ වනවිට කොවිඩ් මරණ 229 ක් වාර්තා වී තිබේ.
බස්නාහිර පළාතේ මුව ආවරණ නොපැලදු සහ දුරස්ථභාවය පවත්වා නොගත් 2191 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊයේද 166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙ සියලු දෙනාට රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාව සහ පී. සී. ආර් පරීක්‍ෂාව සිදුකර තිබේ. එහිදී ආසාදිතයන් 24 දෙනෙකු හදුනාගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අපරාධ කල්ලි නායකයෙකුව සිටි මොරටු සමන්ගේ ගොලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහුලග තිබී ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ. ගල්කිස්සේ නීතිවිරෝධීව රැදීි සිටි නයිජිරියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් විවිධ පරිගණක අපරාධ සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තා විී තිබුණි. ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැ්තවේ.මීටියාගොඩ, මල්වැන්න රේල් ගේට්ටුව අසලදී කාන්තාවකගේ රන් මාලය කොල්ලකෑ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අජිත් රෝහණ මහතා කියයි. ගම්වාසීන් එම පුද්ගලයා හඹා යාමේදී ඒ ආසන්න වැවකට ඔහු පැන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *