මැද පෙරදිග සිට පැමිණෙන කිසිවෙකුගෙන් නිරෝධායනය සඳහා මුදල් අය නොකරන බව සංචාරක සංවර්ධන අධිකාරිය කියයි

Share Button

මෙරටට මැද පෙරදිගින් පැමිණෙන සේවක සේවිකාවන්ගෙන් කිසිසේත් නිරෝධායනය සඳහා මුදල් අය කිරීමක් සිදු නොකරන බව සංචාරක සංවර්ධන අධීකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසයි. ඒ සඳහා සියලු පහසුකම් රජය මගින් සපයනු ලැබේ. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ අනුව වඩාත් ආරක්‍ෂාකාරීව සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කරන බව ඇය ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් කීවාය.

විවිධ රටවල ඇති කොවිඩ් අවදානම අනුව මෙරටට පැමිණෙන සියලු සංචාරකයන් කොවිඩ් පරීක්‍ෂාවන්ට ලක්කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ කපිතාන් තේමීය අබේවික්‍රම මහතා පවසයි.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විදේශීය සංචාරක නියෝජිත ආයතන දැනුවත් කිරීමට ක්‍රියාකරන බව සංචාරක මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්‍ෂ මධුභානී ප්‍රනාන්දු මහත්මිය පවසයි. සංචාරක කර්මාන්තය පෙර තිබු තත්වයට ගෙන ඒම අපේක්ෂාවයි. ගුවන් තොටුපොළ විවෘත කිරීමේදී සියලු දේ අධ්‍යයනය කරමින් ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි ක්‍රියාකරන බව ඇය කීවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *