රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණුකොට ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක්

Share Button

රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණුකොට ස්ථානගත කිරීමේ වැඩපිළිවෙලක් පිළීබඳව අවධානය යොමු කර ඇතැයි ඇමති නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. කාර්මික විද්‍යාල, වෘත්තීය පුහුණු අධිකාරිය, නයිටා, යොවුන් සේනාංකය, තරුණසේවා සභාව වැනි ආයතන වල සහාය ඊට ලබාගැනේ.

මීට අමතරව ජලසම්පාදන අමාත්‍යංශය වැනි ආයතන ජලනල වැද්දුම්කරුවන් පුහුණු කිරීමට යොදා ගැනේ. නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයද දසදහසක් පුහුණු කිරීමට භාරගෙන තිබේ.

කොවිඩ් සමග විරැකියා ප්‍රතිශතය වැඩිවෙමින් පවතින බැවින් ඒවාට විසදුම් ලබාදීමට රජය ක්‍රමයෙන් උත්සාහ ගනිමින් සිටින බව ඇමතීවරයා කීවේය. ක්‍රමයෙන් විදේශ රැකියා අවස්ථා උත්පාදනය වැඩිකර ගැනීමට ද උත්සාහ කෙරේ. මෙරට රැකියා අවස්ථා තිබුණත් අවශ්‍ය පුහුණුව නොමැති කම බාධාවකි.

ඊයේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමේදී ඔහු මේ බව කීවේය. කෘෂිකර්ම අමාත්‍යංශය සමග එක්ව තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහිකෙරේ. ඒ වෙනුවෙන් තරුණ ව්‍යවසායකයන් ලක්‍ෂයකට ඉඩම් කැබලි ලක්‍ෂයක් ලබාදීමේ වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *