නීති විරෝධිව ගෙන ආ වියළි කහ තොගයක් නාවික හමුදා භාරයට

Share Button

මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස මෙරටට ගෙනඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 8700 කට වැඩි ප්‍රමාණයක් වයඹ මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගැනුනි. කුදිරමලේතුඩුවට ඔබ්බෙන් වු මුහුදු තීරයේ රාත්‍රි කළ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු ඉන්දිය යාත්‍රා දෙකක් නිරීක්ෂණය විය. ඒවා පරීක්ෂා කිරීමේදී උර 173 ක අසුරා තිබු මෙම වියළි කහ තොගය හමුවී තිබේ. එහි සිටි ඉන්දිය ජාතික සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කහ තොගය ජාවාරම්කරුවන් මෙරට මුහුදු තීරයේදී වෙනත් යාත්‍රාවකට හුවමාරු කර මෙරටට ගෙනඒමට සැලසුම් කර ඇතැයි හෙලිවී තිබේ. අත්අඩංගුවට ගත් සියලු දේ කටුනායක රේගු නිවාරණ කාර්යාලයට භාරදීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *