සේවක අර්ථසාධක ප්‍රතිලාභ ලබා ගැනීම දිවයිනපුරා ඇති කලාප කම්කරු කාර්යාල මගින්

Share Button

සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීම සහ අයදුම්පත් භාරදීම සදහා කොළඹ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින්නැයි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

කොරෝනා හේතුවෙන් ජනතාව විශාල ලෙස ඒකරාශිවීම වැළැක්වීම අරමුණින් අර්ථසාධක අරමුදල් ගෙවීම්වලට අදාල සියලු කටයුතු දිවයිනපුරා පුරා ඇති දිස්ත්‍රික් කලාප කම්කරු කාර්යාලවලට විමධ්‍යගත කර ඇත. එම කාර්යාවලට ලබාදෙන අයදුම්පත් සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කෙරෙනු ඇත. එමගින් ප්‍රමාද නොවී අවශ්‍යතාවය ඉටුකර ගත හැකිය.

කොළඹ ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී මේ වනවිට එම ආයතනය වසා දමා ඇත්තම් එහි සිටින පුද්ගලයන්ට පමණක් තම අයදුම්පත් භාරදීම සදහා නාරාහේන්පිට කාර්යාලයට පැමිණිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *