කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන සෞඛ්‍ය රීතින්ට අනුකුලව ක්‍රියා කරන්නේදැයි සොයා බැලීමට හෙට සිට විශේෂ පොලිස් කණ්ඩායම්

Share Button

කාර්යාල හා ව්‍යාපාරික ස්ථාන සෞඛ්‍ය රීතින්ට අනුකුලව ක්‍රියා කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීම සදහා හෙට සිට විශේෂ කණ්ඩායම් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන නීති උල්ලංගනය කරන අයට එරෙහිව නීති මගින් ක්‍රියා කෙරේ.

ලාහුගල වනෝද්‍යානයේ ආමවට්ටව පුරා විද්‍යා ස්මාරකය පිහිටි ස්ථානයේ නිධන් හැරු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ආරුගම්බේ පොලිස් විශේෂ බලකා භටයින් එම මෙහෙයුම සිදු කළේය.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ස්ථාන හැර සෙසු සියලු වෙළෙඳසැල් ලබන 14 වැනිදා සිට වසා දැමිමට දිස්ත්‍රික් ලේකම් කනපතිප්ලේ කරුණාකරන් මහතා තීරණය කර ඇත. ඖෂධහල්, සුපිරි වෙළෙඳසැල්, පොදු වෙළෙඳපොල සහ ආපනශාලා විවෘතව පවති. අවන්හල්වලින් ආහාර පරිභෝජනය කළ නොහැකි අතර රැගෙනයාමට හැකිය. පාසල් කටයුතු හෙට සිට ඇරඹේ. එහෙත් කාත්තන්කුඩි පාසල් 25 ක කටයුතු හෙට ආරම්භ නොවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *