බොරැල්ලේ ස්ථාන කිහිපයක් හුදෙකලා කෙරේ-තවත් ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවතට

Share Button

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව හෙට අලුයම 5.00 සිට ඉවත් කෙරේ. එමෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරන බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

ග්‍රෑන්ඩ්පාස් , මාලිගාවත්ත, දෙමටගොඩ, පොලිස් වසම් හෙට අලුයම 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කර ඇත. එමෙන්ම හෙට අලුයම 5.00 සිට බොරැල්ලේ පොලිස් වසමේ ගෝතමීපුර නිවාස යෝජනා ක්‍රමය, ගෝතමීපුර, 24 වත්ත සහ 78 වත්ත හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ දුවවත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුනුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වෙඩිකන්ද, මීගමුව පොලිස් වසමේ තල්දුව ග්‍රාම නිලධාරි වසමේ එම්සී නිවාස යෝජනා ක්‍රමය හෙට උදැසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත්කර තිබේ.

හුදෙකලා කර ඇති අනෙකුත් ප්‍රදේශ තවදුරටත් එලෙසම පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *