ප්‍රදේශ රැසකටම තද වැසි. – ජලාශ රැසක වාන්දොරටු විවෘතයි
මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට බලපෑ ඇති තද වැසි හේතුවෙන් එම ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. නායයාම් ලක්ෂණ පෙන්නුම් කරන ස්ථානවල පදිංචි අය වඩාත් විමසිලිමත් විය යුතු යැයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
ජලාශ රැසක වාන්දොරටු විවෘත කර ඇති බැවින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලබාදෙන දැනුම්දීම්වලට නිරන්තරයෙන් අවධානය යොමු කරන්නැයි ඔහු ඉල්ලීමක් කරයි