අන්තවාදීන්ගේ ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලයි

Share Button

රටේ අනවශ්‍ය භීතියක් ඇති කරන අන්තවාදීන්ගේ ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන්නැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අන්තවාදීන් එසේ කටයුතු කරන්නේ පටු අරමුණු සහිතව බව ඔහු පෙන්වා දෙයි. කිසිදු භේදයකින් තොරව සියලු දෙනාට එක හා සමානව සලකන නායකත්වයක් දැන් රටට ලැබී ඇති බවත් රජයේ වගකීම වන්නේ සියලු පුරවැසියන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීම බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස 03 ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. බොපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුලන නැගෙනහිර ,කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කටුගොඩ සහ දඩල්ල බටහිර යන ප්‍රදේශවලදී මෙම විවෘත කිරීම් සිදුකෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *