කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වුවන් සිව් දෙනෙකු ජපානයෙන් හදුනා ගැනේ
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනයවූවන් සිව්දෙනෙකු ජපානයෙන් හඳුනාගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. අවුරුදු 40 දක්වා වන වයස්වල පසුවන මොවුන් බ්‍රසීලයේ සිට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත. මොවුන් කොරෝනා ආසාදිතයින් බව ඉකුත් 02 වැනිදා තහවුරු කර ගෙන ඇති අතර ඔවුන්ට අසාදනය වී ඇත්තේ වෛරසයේ නව ප්‍රභේදය බව පසුව සොයා ගෙන තිබේ.
ජපාන ගුවන් තොටුපළ ආශ්රිත නිරෝධායන කටයුතුවලදී වෛරසයේ නව ප්‍රභේදය අසාදනයවූවන් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.