පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලය පිී සී ආර් පරීක්ෂණවලට

Share Button

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ලබන බදාදා හා බ්‍රහස්පතින්දා පිී සී ආර් පරීක්ෂණවලට ලක් කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි. ඇමති වාසුදේව නානායක්කාර රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. රවුෆ් හකීම් මහතාගේ ආශ්‍රිතයන් 17 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙ.් වාසුදේව නානායක්කාර මහතාගේ ආශ්‍රිතයන් හදුනා ගැනීම මේ වනවිට සිදු වෙයි. පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වේත්‍රධාරිවරයා අප කළ විමසුමකදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *