මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල හෙට ඇරඹේ
මහ කන්නයේ වී මිලදි ගැනීමේ රජයේ වැඩපිළිවෙල හෙට ඇරඹෙයි. අම්පාර දිස්ත්‍රික්කයේ එම වැඩපිළිවෙල ආරම්භ කෙරෙනු ඇත. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු එම අවස්ථාවට සහභාගි වෙති.ි වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 3 ක් මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබේ වියලි සම්බා වී කිලෝග්රූමයක් රුපියල් 52 ක හා වියලි නාඩු කිලෝග්රූමයක් රුපියල් 50 ක සහතික මිලකට රජය මිලදී ගනී. තෙත වී මිලදී ගැනීමට ද පහසුකම් සලසා තිබේ. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වී අලෙවි මණ්ඩලය හා ගොවි ජනතාව එකට බැඳුනු වැඩපිළිවෙලක් යටතේ මහ කන්නයේ වී මිලදී ගැනීම සිදු වෙයි. වී දැමීමේ ඇසුරුම් රජය ගොවීන්ට සපයයි.