ජනාධිපති ධුරයේ බලතල පවරා ගන්නැයි ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතාට බලපෑම්
ජනාධිපති ධුරයේ බලතල පවරා ගන්නැයි ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතාට එල්ල වන බලපෑම් ඉහළ යයි. ඇමරිකානු පාර්ලිමේන්තුවේ කථානායක නැන්සි පෙලෝසි මහත්මියගේ සහාය ද ඒ සදහා ලැබී තිබෙ. කෙසේ වෙතත් පෙන්ස් මහතා එයට එකගත්වය පළ කර නැත. එසේ වුවහොත් ට්රම්ප් මහතා බලයෙන් පහ කිරීම සදහා දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඩිමොක්රටික් පාක්ෂිකයෝ සුදානමින් සිටිති. ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට ප්රහාරයක් එල්ල කිරීමට තම ආධාරකරුවන් පෙළඹවීම ට්රම්ප් මහතාට එරෙහිව ඇති චෝදනාවයි. එවැනි ක්රියාවකට අනුබල දුන් ඩොනල්ඩ් ට්රම්ප් මහතා ජනාධිපති තනතුරට නුසුදුසු පුද්ගලයෙකු බව ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ අදහසයි.