සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් විනෝද බද්දෙන් නිදහස්
සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් විනෝද බද්දෙන් නිදහස් කෙරේ ඒ සදහා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යංශවල අනුමැතිය ලැබි තිබේ. ඒ අනුව 2021 / 2022 දෙවසරක කාලයට සිනමා කර්මාන්තය මුලු දිවයිනටම බලපාන පරිදි විනෝද බද්දෙන් නිදහස් වෙයි2023 සිට සිනමා කර්මාන්තයට අදාල විනෝද බද්ද සියයට හතයි දශම පහක් දක්වා අඩුකිරිමට ද එහිදී අනුමැතිය ලැබි තිබේ. මේ දක්වා සියයට 5 සිට සියයට 25 දක්වා විවිධ ප්‍රතිශත යටතේ දිවයිනපුරා පළාත් පාලන ආයතන විනෝද බද්ද අය කළේය. නව අනුමැතිය සමග මුඵ රටටම එක විනෝද බද්දක් හදුන්වාදීම සිදු වෙයිකොවිඩ් 10 හමුවේ දේශිය සිනමා කර්මාන්තය රැක ගැනිම සදහා සහන ලබාදෙන්නැයි එම කර්මාන්තයේ නියැලෙන්නන් කළ ඉල්ලිමකට අනුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබේ.