ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව දෝෂාභියෝගයක්

Share Button

ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහි දෝෂාභියෝග යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. උප ජනාධිපති මයික් ෆෙන්ස් මහතා ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ට්‍රම්ප් මහතා ධුරයෙන් පහ නොකළහොත් දෝෂාභියෝග යෝජනාව පිළිබඳ ඡන්ද විමසිම හෙට පවත්වන බව ඔව්හු සදහන් කරති.

ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කිරීමට තම ආධාරකරුවන් පෙලඹවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතා චෝදනා ලැබ සිටි ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටට හා ජනතාවට සැබැවින්ම තර්ජනයක් බව පෙන්වාදෙන ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායක නැන්සි පෙලෝසි මහත්මිය ඔහු වහා තනතුරෙන් ඉවත් කළ යුතු බව අවධාරණය කරයි. ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් මහතා ලබන 20 වැනිදා එම තනතුරේ දිවුරුම් දෙයි ් දිවුරුම්දීම වෙනුවෙන් රටපුරා ආරක්ෂාව තරකර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *