එංගලන්ත කණ්ඩායම හා ශ්රිී ලංකා කණ්ඩායම අතර පලමු ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්රිී ලංකා කණ්ඩායම අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ලබන බ්‍රහස්පතින්දා ඇරඹෙයි. තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සුදානම් බව නිරෝෂන් දික්වැල්ල කියයි.
ආබාධයකට ලක්වීම හේතුවෙන් ධනංජය ද සිල්වා හා කසුන් රාජිත එම තරගයට සහභාගි නොවේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරිරික යෝග්‍යතා වර්ධන කළමනාකරුවෙකු ලෙස ග්‍රාන්ට් ලුඩන් මහතා පත්කර තිබේ. ක්‍රිඩා ව්‍යායාම් තාක්ෂණය පිළිබඳ උපාධිධාරියෙකු වන ඒ මහතා දකුණු අප්‍රිකාවේ තෙවන මට්ටමේ පුහුණුකරුවෙකු ද වෙයි.