පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය විමෙන් සමාජයට බලපෑම් එල්ල වන බවට විපක්ෂය නගන චෝදනා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි

Share Button

පාර්ලිමේන්තුව තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වීම මගින් සමාජයට බලපෑම් එල්ල වන බවට විපක්ෂය අසත්‍ය ප්‍රචාර පතුරුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොවිඩ් වෛරසය සමාජය තුළ ව්‍යාප්ත විම වැලැක්විමට සෞඛ්‍ය අංශ හා පාර්ලිමේන්තුව එක්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ජාතික ගුවන්විදුලියට කළ විමසුමකදි අමාත්‍යවරයා කිවේය.   පී සී ආර් පරීක්ෂණ හා විෂබීජහරණ කටයුතු සිදුකර පාර්ලිමේන්තුව තුළ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු සදහන් කළේ සමාජය තුළ කොවිඩ් ව්‍යාප්තිය වැලැක්විමට රජය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. පාසල් විවෘත කිරිමට ඊයේ පියවර ගත්තද පාසල් විෂබීජහරණය කිරිමට රජය කටයුතු නොකළ බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *