ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිකට් ක්‍රිඩාව ඇතුළත් කිරිමට ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය ඉවහල් වනු ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර පවසයි

Share Button

ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිකට් ක්‍රිඩාව ඇතුළත් කිරිමට ටී ටෙන් ක්‍රිකට් තරගාවලිය ඉවහල් වනු ඇතැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩක මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර සංගක්කාර පවසයි. මෙවර ටී 10 තරගාවලියේ අබුඩාබි කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කුමාර් සංගක්කාර කටයුතු කරයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිකට් ක්‍රිඩාව ඇතුළත් කිරිමට විශාල වැඩ කොටසක් ඉටු කළ යුතුව ඇති බවයි.   ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහාය ඒ සදහා හිමිවිය යුතුය. ඔලිම්පික් උළෙල තුලින් නව වෙළෙඳපල සහ ප්‍රේක්ෂක ජනතාව අතරට ක්‍රිකට් ක්‍රිඩාව ප්‍රචලිත කිරිමට හැකියාව ලැබේ. ඔලිම්පික් ක්‍රිඩා උළෙල ඇතුළත් කෙරෙන්නේ ටී 10 තරගාවලිය ද නොමැති නම් ටී 20 තරගාවලියක් ද යන්න ඉදිරියේදි තීරණය කිරිමට නියමිතයි. ලොව පුරා ප්‍රබල ක්‍රිඩකයෝ තරග වදින ටී 10 ක්‍රිකට් තරගාවලිය ලබන 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා අබුඩාබි හිදි පැවැත්වෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *