කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට පි සී ආර් පරීක්ෂණ 200 ක්

Share Button

කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට පී සී ආර් පරීක්ෂණ 200 ක් සිදුකිරීමට හැකියාව ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. රෝහලේ ස්ථාපිත කළ පී සී ආර් පරීක්ෂණාගාරය මගින් දිනකට වාර දෙකක් තුළ එම පරිීක්ෂණ සිදුකරන බව හෙතෙම සඳහන් කරයි. එම කටයුතු අද සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. කොළඹ ජාතික රෝහලේ පී සී ආර් පරීක්ෂණ මේ දක්වා වෛද්‍ය පර්යේෂණායතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදු කෙරිණ. එහෙත් අද සිට පැය 5 ක් වැනි කාලයක් තුළ මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ හැකියාව ලැබේ. එමගින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම කඩිනමින් සිදු කිරීමට හැකියාව ලැබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සදහා රුපියල් මිලියන 13 ක ආධාර තිස්ස ද සිල්වා පදනමෙන් හා රුපියල් ලක්ෂ 50 ක් වටිනා පී සී ආර් යන්ත්‍රය හේමාස් ආයතනයෙන් ලබාදි ඇත. අද පෙරවරුවේ මෙම රසායනාගාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අයිතිය පැවරීමේ ලියකියවිලි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දෙන ලදි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *