නයිල් නදිය හරහා වේල්ලක්
නයිල් නදිය හරහා ඉදිකෙරෙන වේල්ල සම්බන්ධයෙන් අප්‍රිකානු සංගමය දැනට වඩා විශාල කාර්යයභාරයක් කලයුතුව ඇතැයි සුඩානය අවධාරණය කරයි. ඉතියෝපියානු රජය ඉදිකරන මෙම වේල්ල හේතුවෙන් රටවල් කිහිපයක් අතර අර්බුද මතුවී තිබේ. මේ නිසා ඊජීප්තුව ඉතියෝපියාව සහ සුඩානය පසුගිය කාල වකවානුවේ අවස්ථා කිහිපයකදීම හමුවී සාකච්ඡා පැවැත්විය. කෙසේවුවත් ඊජිප්තුව සහ සූඩානය පවසන්නේ අප්‍රිකානු සංගමය පහසුකම් සපයන්නෙකු ලෙස මෙම ක්‍රියාවලියට එක්විය යුතු බවයි. 2011 දී මෙම ව්‍යාපෘතිය ඇරඹුනි. මෙගා වොට් හයදහසකට වැඩි විදුලි නිෂ්පාදනයක් මෙමගින් බලාපොරොත්තු වේ. මේ නිසා තමන්ට නයිල් ගගේ ජලය අඩුවන බව ඊජිප්තුව හා සූඩානය චෝදනා කරයි.